සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි

OIF

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආදරණීය බිරිඳ වන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසු වුණා.

ගැහැණු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා නුඹ හින්දා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, වෛශ්නාවී ආදී චිත්‍රපට රැසක් ඇය විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.