රන්සිළු කලායතනය මගින් 2025.07.26 වන දින සීයයකට අධික සිසුන් ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් නාරී 2025 නමින් නර්තන ප්‍රසංගයක් වේදිකා ගත කරන ලදී. මෙම ප්‍රසංගය අති උත්කර්ෂවත් අයුරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණික පීඨයේ ශ්‍රී සෝරත ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උඩරට අධ්‍යනාංශයේ හිටපු අධ්‍යනාංශ ප්‍රධානී , මහාචාර්ය ධම්මිකා ලංකාතිලක මහත්මියයි.. ඊට අමතරව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ,නර්තන ගුරුවරුන් සහ නර්තන ශිල්පීන් රැසක් මෙම අවස්ථාව ඒකාලෝක කිරීමට සහසම්බන්ධ විය. උඩරට, පහතරට, නිර්මාණ, භරතනාට්‍යම් සහ නව නිර්මාණ යන නර්තන අංග රැසකින් මෙම ප්‍රසංගය වර්ණවත් විය. මෙහි සියලු නර්තන නිර්මාණයන්හි නර්තන රචනය නෘත්‍ය විශාරද, රන්සිළු කලායතනාධිපති මේධනී මධුශානි අමරතුංග මහත්මිය විසින් සිදු කිරීම විශේෂත්වයකි. දරුවන්ගේ නව්‍ය චලන ප්‍රාසාංගික වේදිකාවට ගෙන එමින් ඔවුන්ගේ නර්තන කුසලතා සමාජගත කිරීම මෙම ප්‍රසංගයේ අරමුණ විය. එය ඉතා සාර්ථක අයුරින් මෙලෙස දිගහැරුණි..


