සාකච්ඡාවෙන් පසුවත් තැපැල් වර්ජනය අඛණ්ඩව

News Iamges.00_00_00_00.Still313

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාව සාර්ථක වුවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති අද (19) පස්වරුවේ පැවසීය.

ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසිරි ගමගේ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තැපැල් වෘත්තීය සමිති මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් ඉකුත් 17 වනදා සිට තැපැල් වෘත්තීය සමිති මෙලෙස වර්ජනයක නිතර වෙයි.

මේ හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වී තිබේ.

අද පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තැපැල් හා විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඊ. ජී. සී. නිරෝෂන මහතා සඳහන් කළේ,

“ඇමතිතුමා එක්ක අපිට වහාම සාකච්ඡාවක් ලබාදෙන්න. ඒ සාකච්ඡාවෙන් අනතුරුව අපි ලෑස්තියි අඛණ්ඩ වැඩවර්ජනය අවසන් කරන්න. එතෙක් අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රියාත්මකයි.”