සමගි ජන සන්ධානය නිල වශයෙන් එළිදකී

Samagi-Jana-300x163

”සැමට ජයක් සමගි රටක්” යන තේමාව යටතේ සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (08) නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස එළඹෙන ජනාධිපතිවරණයේ දී මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා ගොඩ නැගෙන මෙම සන්ධානයට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10කට වැඩි පිරිසක් එක්ව සිටින බවයි වාර්තා වෙන්නේ.

නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලි සන්ධානය සහ උතුර – නැගෙනහිර පක්ෂ කිහිපයක් එම සන්ධානයේ පාර්ශ්වකරුවන් වනවා.