ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103 ක් සහ විරුද්ධව ඡන්ද 59 ක් හිමිවී තිබෙනවා.
ඒ අනුව, කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 44 කින් සම්මත වූ බවයි

