උණවටුන වෙරළ තීරයේ අවන්හලක් අසලදී ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදිනියගේ වටිනා ජංගම දුරකතනයක්, බැංකු කාඩ් ඇතුළු මුදල් තිබු අත්බෑගයක් සොරාගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට උණවටුන සංචාරක පොලිසිය සමත් වී තිබේ.
ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදිනියක් වන මෙම තරුණිය ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ ඇත්තේ තනිව සංචාරය කරන්නියක් ලෙසය.
සොරාගත් බෑගය තුළ iPhone වර්ගයේ ජංගම දුරකතනයක්, විදේශීය මුදල් සහ බැංකු කාඩ්පත් ද තිබී ඇත.
ඇය ඒ සම්බන්ධයෙන් අද (04) උණවටුන සංචාරක පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය විසින් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (05) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

