විදෙස් නිවාඩු අනුමත නොකර සිටීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ – සෞඛ්‍ය ඇමති

keheliya-rambukwalla-3[1]

වෛද්‍යවරුන් සඳහා විදෙස් නිවාඩු අනුමත නොකර සිටීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

වෛද්‍යවරුන්ගේ විදෙස් නිවාඩු අනුමත නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ වෘත්තිකයන් මෙරට තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.