විදුලි වෘත්තීය සමිති අද (13) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය ගැටලු පිළිබඳ සාකච්ඡා පවත්වා ඇති අතර, එම සාකච්ඡා සාර්ථක බව ඔවුන් පවසයි.
ජනාධිපතිවරයා සිය ගැටලුවලට සාධාරණය ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවත් විදුලි වෘත්තීය සමිති සඳහන් කරයි.
ආණ්ඩුව පරාජය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් තම සමිතිවලට නොමැති බවත් විදුලි වෘත්තීය සමිති සාමාජීකයින් මෙහිදී අවධාරණය කළේය.
නව සමාගම්වල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ජනාධිපතිවරයා අද සවස විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් එහිදී විදුලිබල වෘත්තීය සමිතිවල ගැටලූන්ට විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී එකඟත්වය පළ කර බවත් වෘත්තීය සමිති සාමාජිකයින් පැවසීය.
නව සමාගම්වලට බාහිරින් බඳවා ගැනීමට නියමිත විදුලි අධිකාරී සහ විදුලි ඉංජිනේරු පත්වීම් වහාම නැවැත්වීමට ජනාධිපතිවරයා නියෝග කළ බවද විදුලිබල වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කළේය.

