වික්‍රම් රතෝර් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණයක්….

News Iamges.00_00_00_03.Still1293

T20 ලෝක කුසලානය වෙනුවෙන් හිටපු ඉන්දීය පිතිකරු වික්‍රම් රතෝර් ශ්‍රී ලංකාව විස්සයි 20 පිතිකරණ පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව ඔහු ජනවාරි 15 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමග සම්බන්ධ වෙනු ඇති බව සඳහන්ය.

2024 දක්වා ඉන්දියාවේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙන රතෝර් දැනට IPL රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරයි.