වන්දනා කරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් අද (07) තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේදි අනතුරට ලක්විමෙන් එහි රියදුරු ඇතුලු 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි තිරප්පනය පොලිසිය කියයි.
මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ ගල්කුලම ගල්වඩුවාගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ. මතුගම සිට අනුරාධපුරයේ වන්දනාව සඳහා යමින් සිටි මතුගම ප්‍රෙද්ශයේ පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ. ධාවනය වෙමින් තිබූ එම වෑන් රථයේ රෝදයක ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් එම රෝදය ගැලවී ගොස් එය රියදුරුගේ පාලනයෙන් ගිලිහි මාර්ගයේ පෙරැලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ එම වෑන් රථයේ පුද්ගලයින් අට දෙනෙකු ගමන් කරමින් සිට තිබේ. සිදුව ඇති අනතුරෙන් එම වෑන් රථයේ රියදුරු ඇතුළු 06 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් ඛළ බව පොලිසිය කියයි. එම තුවාල කරුවන් මතුගම ප්‍රෙද්ශයේ පදිංචිකරුවෝ වෙති.
තුවාල කරුවන්ගේ තත්වය එතරම් බරපතළ නොවන බව අනුරාධපුර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
තිරප්පනේ පොලිස් රථ වාහන අංශයේ නිලධාරින් පිරිසක් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
කැකිරාව කුෂාන් ජයවර්ධන

