රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් මීට සතියකට පෙර රෝහල් ගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ශ්වසන පද්ධතිය තුළ හට ගත් දැඩි සංකූලතාවයක් හේතුවෙන් මේ වන විට කොළඹ එම පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ලොහාන් රත්වත්තේ මහතා මීට පෙරද මෙලෙසම රෝගී වී රෝහල් ගත කෙරුණු අතර එම රෝගී තත්ත්වය යළිත් උත්සන්න වීම හේතුවෙන් මෙසේ රෝහල් ගත කෙරුණු බව ඔහුගේ පවුලේ සමීපතම ආරංචි මාර්ග පැවසීය.
ලොහාන් රත්වත්තේ මහතාගේ රෝගී තත්ත්වය දැන ගත් විගස හිටපු ජනාධිපති වරුන් වන මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු ඔහුගේ දේශපාලන සමීපතමයන් හා හිතවතුන් පවුලේ ඥාතීන් සුවදුක් විමසීමට රෝහලට පැමිණෙන බව එම ආරංචි මාර්ග පැවසීය.
ලොහාන් රත්වත්තේ මහතාගේ තත්ත්වය යහපත් නොවන බවද ඔහු කෘත්‍රිම ශ්වසන පද්ධතියක ආධාරයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි නිරීක්ෂණය මත ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .
Kandy Prime News

