ඉන්දියාවේ පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකදි හෙල්ල විසිකිරීම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට රුමේෂ් තරංග අද (10) පස්වරුවේ සමත් විය.
මෙහිදි ඔහු මීටර 86.50ක දක්ෂතාවක් දැක් වූ අතර, ඒ හේතුවෙන් මෙම වසරේ සැප්තැම්බර් මස ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතාව මලල ක්‍රීඩා ශූරතාවලියටද ඔහු ඍජුව සුදුසුකම් ලබාගත්තේය.