රුපියල් 40,000ක ටොෆි චොකලට් සොරකම් කළ දැරියන් තිදෙනා පොලීස් භාරයට…..

News Iamges.00_00_00_00.Still1739

කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ කැන්ටිම කඩා ටොෆි සහ චොකලට් සොරකම් කළ ගැහැනු ළමුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් 40,000කට ආසන්න බව කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවටගත් සැකකාරියන් අවුරුදු 13, 14 සහ 15 යන වයස් කාණ්ඩවල පසුවන අය බව සඳහන් වේ.

අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ සිසීටීවී කැමරා පරීක්ෂා කිරීමෙන් අනතුරු ළමුන් හඳුනාගෙන ළමා නිවාසයේ සඟවා තිබූ ටොෆී, චොකලට්, ලොලිපොප්, චුයින්ගම් සහ පෙපර්මින්ට් තොගයක් සොයාගත් බව පොලිසීය පැවසීය.

ළමා නිවාසයේ යතුර සොරකම් කර, අළුයම 1.30ට පමණ ඉන් පිටවී අවන්හලේ ඉදිරිපස වීදුරුවට පොල්ලකින් පහරදී බිඳ සොරකම් කර පොලිතීන් බෑග්වල දමාගෙන ළමා නිවාසයට ගොස් සැඟවූ බව මූලික විමර්ශනවලින් අනාවරණවී ඇත.

සැකකාරියන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.