‘රටම එකට’ ජාතික මෙහෙයුම පසුගිය වසරේ ඔක්තෝබර් 30වනදා ආරම්භ කළ දින සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගැනීම් 124,412ක් සිදුකර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් අද (18) රැස්වූ අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය විය.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් යොමුකරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහ් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි දරුවන් 1772ක් සහ ගැහැණු දරුවන් 81ක් සිටින බවය.
එමෙන්ම සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන්ද ඒ අතර සිටින බවත් අදාළ නිවේදනයේ සඳහන්ය.
මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර නීතිවිරෝධි වත්කම් පිළිබද සැකකරුවන් 196ක්, රැඳවුම් නියෝග මත 2,268ක් සිටින අතර, තවත් 1,840ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබේ.
මේ අතර මෙම මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගැනීම්වලට අමතරව ගංජා කිලෝ 4,520ක්, හෙරොයින් කිලෝ 1,066යි ග්‍රෑම් 352ක් සහ නීතිවිරෝධී දුම්වැටි 558,300ක්, අයිස් කිලෝ 1,930ක් සහ කොකේන් කිලෝ 270ක් මෙන්ම මත්පෙති 983,143ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බවය.
මෙම මෙහෙයුම ආරම්භ කිරීමත් සමග මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු විශාල වශයෙන් ‘1818’ යන දුරකථන අංකය ඔස්සේ පොලීසියට ලැබෙමින් තිබෙන බවත්, ඊට අදාළ මෙහෙයුම් පිළිබඳ නිරන්තරයෙන් ප්‍රගතිය සමාලෝචනය කෙරෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

