නොබෝදා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමි වූ ස්ටාර්ලින්ක් සැටලයිට් අන්තර්ජාල සේවාවට අදාළ උපාංග සඳහා මෙරට නිල බෙදාහරින්නා වශයෙන් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී පත් කර ඇති බව වාර්තා වේ.
සිංගර් (ශ්‍රී ලංකා) හි නිල ෆේස්බුක් පිටුවෙහි මේ බව ඉඟි පළකරමින් සටහනක් තිබෙන අතර ඉතා නුදුරේ දීම මේ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර Starlink Sri Lanka Official ෆේස්බුක් පිටුව විසින් මේ බව තහවුරු කරමින් පහත නිවේදනය පළ කර ඇත.
සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී යනු මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරන හේලීස් සමූහයට අයත් ලැයිස්තුගත සමාගමකි. සිංගර් (ශ්‍රී ලංකා) හි 67.13%ක කොටස් හිමිකාරීත්වය හේලීස් පීඑල්ස් සතුවන අතර, හේලීස් හි 51.01% ක කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා සතුව පවතී.
ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ඊලෝන් මස්ක් ස්ටාර්ලින්ක් හි හිමිකරුවා වන අතර ධම්මික පෙරේරා ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකේ.
ස්ටාර්ලින්ක් යනු අධිවේගී අන්තර්ජාල පද්ධතියක් වන අතර එය ෆයිබර් ඔප්ටික් කේබල්වලට වඩා වේගයෙන් දත්ත හුවමාරු කිරීමට සමත් චන්ද්‍රිකා දහස් සංඛ්‍යාවකින් සැදුම්ලත් පද්ධතියකි. පෘථිවියට ආසන්න කක්ෂයක් හෝ පහළ ප්‍රථිවි කක්ෂයක් තුළ මෙම චන්ද්‍රිකා ස්ථාන ගත කර තිබේ.

