යෝෂිත රාජපක්ෂ ගිනිඅවි 7ම යළි ආරක්ෂක අමාත්‍යාංශයට භාරදෙයි

yoshitha-rajapaksa-in-court-415x260-300x188

සිවිල්  පුද්ගලයින් සඳහා රජය නිකුත් කළ ගිනි අවි 180ක් සම්බන්ධයෙන් තොරතුරු ඒ පිළිබඳ සිදු කළ විගණනයට ඉදිරිපත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එලෙස ඉදිරිපත් නොකළ ගිනි අවි බලපත්‍රලාභීන්ට එරෙහිව තුවක්කු ආඥා පනතින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

එසේම යෝෂිත රාජපක්ෂ මහතා තමන් සතුව තිබූ ගිනිඅවි 7 ම යළි ආරක්ෂක අමාත්‍යාංශයට භාරදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලීන් හේරත් සඳහන් කළේ.

සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි රජය වෙත භාරගැනීමේ වැඩසටහන යටතේ, යෝෂිත රාජපක්ෂ මීට පෙර භාර දී තිබුණේ ගිනි අවි 5 ක් පමක් වන අතර පසුව අනෙතුත් දෙකද භාරදී තිබෙනවා.