අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩිවීම ඔවුන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
මෙම මූලික වැටුප වැඩි කිරීම හරහා කිසිදු පුද්ගලයෙකුගේ වැටුප අඩුවීමක් සිදු නොවන බවයි අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම වැටුප් වැඩි කිරීම ලබාදෙන්නේ අදියර තුනකින් බවත්, එසේ වුවත් දීමනා සඳහා ගණනය කිරීම් සිදු කරන්නේ වැඩි වූ සම්පූර්ණ මූලික වැටුපටම බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
පෙර පැවති ආණ්ඩුවලින් මූලික වැටුප් වැඩි කිරීමක් සිදු නොකළ බවද, වත්මන් ආණ්ඩුව විසින් මූලික වැටුප වැඩි කළ පසු මෙවැනි වැටුප් වැඩිවීමක් ලබාදීමට මුදල් කොහින්දැයි ප්‍රශ්න කරන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළා.

