මුල් ළමාවියේ සිටින දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අලුත් වැඩක්…..

News Iamges.00_00_00_03.Still1283

ශ්‍රී ලංකාව පුරාම සිටින දරුවන් සඳහා එකම ප්‍රමිතියකින් යුතු මුල් ළමාවිය සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහතමිය පවසයි.

මුල් ළමාවියේ සිටින දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන වැඩසටහ පිළිබඳ දැනුවත් කිරීම උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්  අමාත්‍යවරිය මෙම අදහස් දැක්වීය.

එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ නිරෝගී මනසක් සහ නිරෝගී ශරීරයක් සහිත දරුවෙකු බිහිකිරීම ජාතික ඉළක්කයක් බවය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ “මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික වැඩසටහන යටතේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මූලිකත්වයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 12 ක එකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ජනවාරි 10 වන දින අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන එළිදැක්වීමට සැළසුම් කර ඇත.

ඊට සමගාමීව මුල් ළමාවිය දරුවන් තුළ සහකම්පනය, චිත්තවේග කළමණාකරනය, ආචාරධර්මීය සංවර්ධනය, යහපත් සෞඛ්‍ය  පුරුදු හුරු කිරීම, සන්නිවේදන කුසලතා වර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාකාරාම් පාදක ඉගැන්වීම රටාවක් සහ ඒ සඳහා අවශ්‍ය මෙවලම් කට්ටලයක්ද හදුන්වා දීමට නියමිතය.