සුදුසු සංවර්ධන සැළැස්මක් ක්‍රියාත්මක කරමින්, මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රටට ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
පසුගියදා එම රෝහලේ සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකට හා සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළ අතර, මෙය ඔහු සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු රජයේ රෝහලක සිදුකරන ලද පළමු නිරීක්ෂණ චාරිකාව ද වෙනවා.
අමාත්‍යවරයා මෙහිදී රෝහලේ සියලු අංශ නිරීක්ෂණයට ලක් කරමින්, අදාල ඉදිරි සැළසුම් සකස් කිරීම සදහා අමාත්‍යංශයේ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය සමග දීර්ඝ සාකච්ඡාවක ද නිරත වී තිබෙන බවයි සඳහන් වන්නේ.
මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රෝහල ඉදිරියේදී පවත්වාගෙන යායුතු ආකාරය සහ සංවර්ධනය කළයුතු ආකාරය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරයා පත්කර තිබෙන විශේෂ කමිටුවක් විසින් එම රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ව්‍යාපෘති යෝජනාවලිය සකස් කරමින් සිටින බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

