මස්කෙළිය පොලිසියට සහ සාමිමලේ වෙළඳුන්ට එරෙහිව විරෝධතාවක්….

News Iamges.00_00_01_22.Still140

මස්කෙළිය පොලිසියට සහ සාමිමලයි නගරයේ ව්‍යාපාරිකයන් තිදෙනෙකුට එරෙහිව සාමිමලයි නගරයේ විරෝධතාවක් පැවැත්විණි.

මෙහිදී පසුගිය (30) දින සාමිමලෙයි නගරයේදී  සිහි බුද්ධියක් නොමැති පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමට විරෝධය පාමින් හා පහරදීම හා සම්බන්ධ පුද්ගලයන් තිදෙනාට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක  නොකිරීම සම්බන්ධයෙන් මහජනතාව විරෝධය පෑමට කටයුතු කළේය  ,

තියුණු ආයුධවලින් පහර කෑමට ලක්වූ පුද්ගලයා මේ වන විටත් දික්ඔය ක්ලැන්ගන් රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබන නමුත් පහරදීම සිදුකළ පුද්ගලයන්ට අධිකරණයෙන් ඇප ලබාදීමට පොලිසිය විරුද්ධ නොවීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරන බවද විරෝධතාකරුවන් චෝදනා නැගූහ ,

එහිදී විරෝධතාකරුවන් වැඩිදුරටත් සඳහන් කළේ පහර කෑමට ලක් වූ පුද්ගලයාට යුක්තිය ඉටු කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් මානව අයිතිවාසික උල්ලංඝනය කරමින් සිදුකළ  මෙවන් පහරදීමකට එරෙහිව ප්‍රදේශවාසීන් හැටියට නීතිය පිහිට පතන බවය ,

මෙම විරෝධතාවයට ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායක හා හිටපු පළාත් සභා මන්ත්‍රී කණපති කනකරාජ් මහතා ද එක්වසිටි අතර ඔහු එහිදී විරෝධතාකරුවන් ඉදිරියේ පැවසුවේ පහර කෑමට ලක් වූ පුද්ගලයාට යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය කටයුතුවලදී තමන්ට උපරිම හැකි ශක්ති ප්‍රමාණයෙන් බලධාරීන්ට බලපෑමක් සිදු කරන බවයි.

නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්