නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බහාළු බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් මෙම යාත්‍රාව නාවික හමුදා භාරවට ගෙන ඇති අතර ඒ සමග සැකකරුවන් 6 දෙනෙකුද නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් 6 දෙනා ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බවද වාර්තා වේ.
ජාතික ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා ඇති මුහුදු කලාපයන් ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර ඒ අනුව මෙම යාත්‍රාව සිය භාරගෙන ගෙන ඇති බවත් සඳහන් වේ.

