කළුතර නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ බැංකු වලින් atm යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනීමට අපහසුතා ඇති පුද්ගලයින් රවටා ඔවුන්ගේ ගිණුම්වල ඇති මුදල් වංචා කළ පුද්ගලයෙකු කළුතර දකුණ පොලිසියේ නොවිසිදුණු අපරාධ ඒකකයේ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි කැබිලිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි කලක් යුද හමුදාවේ සේවය කළ පුද්ගලයෙකි.
කළුතර දකුණ පොලිසියේ නොවිසිඳුණු අපරාධ ඒකකයට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිස් නිලධාරීන් එම මුදල් වංචා සිදුවූ යැයි පවසන ඒ.ටී.එම් යන්ත්‍රවල cctv කැමරා පරීක්ෂා කිරීමෙන් අනතුරුව විශාල පරිශ්‍රමයක් යොදා මෙම පුද්ගලයා කවුරුන්ද පිළිබඳව හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා දහවල් සහ රාත්‍රී කාලයේ atm යන්ත්‍ර අසල රැඳී සිට වයස්ගත පුද්ගලයින් සහ ඒ.ටී.එම් යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනීමට අපහසුතා ඇති පුද්ගලයින්ට එම මුදල් ලබා ගැනීමට සහය දක්වන අයුරින් එම ස්ථානයේ රැඳී සිට එම පුද්ගලයින්ගේ බැංකු කාඩ් පත් ඔහු සතුව ඇති ක්‍රියා විරහිත කොට ඇති බැංකු කාඩ් සමග මාරුකොට ,පසුව ඔහු එම පුද්ගලයින්ට පවසා ඇත්තේ මෙම බැංකු කාඩ් පත ක්‍රියා විරහිත කර ඇති බවත් ඔහුට බැංකුවට ගොස් එම කාඩ් පත ක්‍රියා ක්‍රියාත්මක කොට දෙන ලෙස පවසා එම පුද්ගලයාව බැංකුව වෙත යවා ,එම පුද්ගලයා සතු මාරු කරන ලද බැංකු කාඩ් පතින් ඔහු විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇත.
කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශය වාදිදුව සහ බණ්ඩාරගම යන පොලිස් වසම් වල මෙම වංචාව සිදු කර ඇතිති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර මෙම පුද්ගලයා සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලද මෙම වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් මේ වන විටත් විශාල වශයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව කළුතර දකුණ පොලිසිය ප්‍රකාශ කරයි.
අත්අඩංගුවට පත් සැකකරු අද දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

