බගවන්තලාව ඉරණිකාඩු සහ සෙන්විජයන්ස් වතුයායේ තේ දළු නෙලමින් සිටි
සේවකයින් හය දෙනෙකු බඹරෙකු දෂ්ට කිරීමෙන් පසු බගවන්තලාව දිස්ත්රික්
මූලිකරෝහලට ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසීය.
මෙම සිදුවීම 2025.10.24 වන සිකුරාදා පෙ.ව. 10.30 ට පමණ සිදු වූ බව
පොලිසිය අනාවරණය කරයි ,
බගවන්තලාව සෙන්විජයන්ස් වතුයායේ තේ දළු නෙලමින් සිටි සේවකයින්
සිව්දෙනෙකුට දෂ්ට කළ බඹරුන් ඉරණිකාඩු වතුයායේ රැකියාවේ යෙදී සිටි
සේවකයින්ට ද දෂ්ට කර ඇති බව වාර්තා වේ ,
කාන්තා සේවිකාවන් 05 දෙනෙකු සහ පිරිමි සේවකයෙකු 01 දෙනෙකු තුවාල
ලබා ඇති බව පොලිසිය තවදුරටත් පැවසීය.
තුවාල ලැබූ සේවකයින්ගෙන් හය දෙනෙකු රෝහලේ නේවාසිකව බගවන්තලාව
දිස්ත්රික් මූලික රෝහලේ ප්රතිකාර ලබන බව රෝහල් ප්රකාශකයන්
පැවසීය.
නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්

