හිඟ විදුලි බිල් පියවීමට කටයුතු නොකිරීම හේතුවෙන් විසන්ධි කළ බදුල්ල ශික්ෂණ රෝහලට අයත් අංශ කිහිපයක විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ (10) පස්වරුවේ රුපියල් මිලියන 20ක මුදලක් ගෙවා ඇති අතර ඉතිරි මුදල සතියක් තුළ ගෙවා දමන බවට ලිඛිතව දැනුම් දීමෙන් පසු යළි විදුලි සැපයුම ලබාදීමට පියවර ගෙන ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කළේ.
රුපියල් කෝටි 07කට ආසන්න හිඟ විදුලි බිලක් රෝහල වෙත යොමුකර තිබු අතර එය නොගෙවීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ රෝහලේ වෛද්‍ය නිල නිවාස, හෙද පුහුණු අංශය හා හෙද නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණා.
කෙසේ වුවද නිසි කළමනාකරණයකින් තොරව රෝහල් බලධාරීන් විදුලි බිල නොගෙවීම තුළින් වෛද්‍යවරුන් සහ සේවකයින් දැඩී අසීරුතාවට පත්වන බවයි වෛද්‍ය පාලිත රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.
බදුල්ල රෝහලේ විදුලි බිලෙන් මිලියන 20 ක් ගෙවයි
-
බේරුවලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගනී….
Read more >> -
ආපදා මරණ 465 දක්වා ඉහළට…..
Read more >> -
ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්…..
Read more >> -
කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්….
Read more >> -
වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….
Read more >> -
සියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්….
Read more >> -
නෙළුම්මල ගම්මානයම මළ ගමක් කළ නායයෑම….
Read more >> -
ගංවතුර බැස යාමත් සමඟ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න…..
Read more >> -
අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර….
Read more >> -
මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….
Read more >>

