දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුම් වලදී පුද්ගලයින් 600කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව ඊයේ (07) දිනයේ සිදුකළ මෙහෙයුම් වලදී සැකපිට පුද්ගලයින් 597 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 225 දෙනෙකු විවෘත වරෙන්තුකරුවන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මේ අතර අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන 460ක් වන අතර අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් 57 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

