පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර ඇති පුරවැසියන් මගහැර ධාවනය කරන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම්දෙන ලෙස අමාත්‍ය බිමල් රත්නායක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව ඕනෑම පුරවැසියෙකුට ඒ සම්බන්ධයෙන් අදාළ අංකයට දැනුම් දීමක් කළ හැකි බවයි පසුගියදා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ.
මෙම කරුණ පිළිබඳව තමා දැනුවත් බවත්, මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත්, මේ පිළිබඳව ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

