රටේ ජනගහණයෙන් සෑම පුද්ගලයින් 05 දෙනෙකුගෙන්ම එක් අයෙක් පසුගිය වර්ෂ 05 තුළ විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව 2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව 2,498,714 ක් බවයි අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනගහනයෙන් අවුරුදු 18 ට අඩු පිරිස සහ අවුරුදු 70 ට වැඩි පිරිස ඉවත් කළ විට ජනගහනයෙන් 62% ක් මෙලෙස වසර 5 ක් තුළ 2,498,714 වාහන ගෙන්වා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
අදාළ වාහනවලින් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන බවත් මෙය රටේ ආනයන, විනිමය වැය කිරීම් රටාව පිළිබඳ හොඳින් පෙන්නුම් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.
එසේම වාහන ආනයනයේදී බදු ගෙවීම ඩොලර්වලින් ගෙවීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය වසර 05 තුළ මෙරට පුද්ගලයින් 05 දෙනෙකුගෙන් එක් අයෙක් විදෙස් රටකින් වාහනයක් ගෙනල්ලා – මුදල් රාජ්‍ය ඇමති
-
ජපන් හදිසි ආපදා සහන සේවා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි….
Read more >> -
අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ…..
Read more >> -
පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවේ -අධ්‍යාපන ලේකම්….
Read more >> -
අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි….
Read more >> -
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි….
Read more >> -
චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරයි…
Read more >> -
ආපදා මෙහෙයුමක් අතරතුර යුද හමුදා භටපිරිසක් සොයා ගත් රන් භාණ්ඩ….
Read more >> -
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්කය ඉක්මවා යයි…..
Read more >> -
අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට….
Read more >> -
සහායට ආ ගුවන් යානයක් සහ හෙලිකොප්ටර් යානයක් දිවයිනෙන් පිටව යයි….
Read more >>

