පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කෙරේ….

Perpetule

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ අද (05) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස 06ක කාලයක් සදහා එම සමාගමේ කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කර ඇති බවය.