පනත් කෙටුම්පත් දෙකකට කතානායක අත්සන් තබයි

mahinda-yapa-sing[1]

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පතට සහ බැංකු විශේෂ විධි විධාන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් පසුගිය ජුලි 20 වනදා සම්මත වූ අතර බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව ජුලි 21 වනදා සම්මත වුණා.

ඒ අනුව 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහබැංකු පනත සහ 2023 අංක 17 දරණ බැංකු විශේෂ විධිවිධාන පනත ලෙස බලාත්මක බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.