ගලෙන්බිඳුනුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් නිවසට පෙට්‍රල් දමා ගිනි තැබීමේ අවාසනාවන්ත සිද්ධියෙන් පසු අද අලුයම අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 36 හැවිරිදි මව (ප්‍රභාෂා සදමාලී ජයවර්ධන) මියගොස් තිබේ
ඒ අනුව මෙම සිද්ධියෙන් මියගිය මුළු සංඛ්‍යාව මේ වන විට හතරක් (03) දක්වා ඉහළ ගොස් ඇත.
පසුගියදා ඇති වූ මෙම ආරවුල අතරතුර සැමියා විසින් නිවසට පෙට්‍රල් දමා ගිනි තැබීමෙන් ඔහුගේ 14 හැවිරිදි බාල දියණිය එම ස්ථානයේදීම මියගිය අතර, සිරුරට ගිනි ඇවිලීමෙන් බරපතල තුවාල ලැබූ සැමියා ද රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබුණි.
ගින්න නිවීමට උත්සාහ කිරීමේදී තුවාල ලැබූ මියගිය කාන්තාවගේ 61 හැවිරිදි මව සහ 20 හැවිරිදි පුත්‍රයා හා වැඩිමහල් තවදුරටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. ඔවුන් මුලින්ම යකල්ල හුරුලුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබුණි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ එම්.ඒ. චමින්ද ගුණතිලක මහතා සිද්ධිය වූ ස්ථානය වෙත පැමිණ පරීක්ෂණ සිදු කළහ. හොරොව්පතාන සහකාර පොලිස් අධිකාරී (2) එදිරිසිංහ මහතා ද ස්ථානීය පරීක්ෂණ සඳහා එක්වූ අතර, ගලෙන්බිඳුනුවැව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
ගලෙන්බිඳුණුවැව – චින්තක බාලසූරිය

