2002 වසරේ තණමල්විල ප්‍රදේශයේ සිදු වූ පංච පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනෙකුට මොනරාගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
2002 ජුනි 6 වන දින තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේදී ටී-56 ගිනිඅවි සහ බෝර 12 තුවක්කු භාවිතා කරමින් පුද්ගලයින් කිහිපදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබුණි. එහිදී 13 හැවිරිදි දැරියක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් විමර්ශන සිදුකර අදාළ නඩුව මොනරාගල මහාධිකරණයෙහි විභාගයට ගෙන තිබුණි.
එහිදී සැකකරුවන් ලෙස හඳුනාගෙන තිබූ තණමල්විල ප්‍රදේශයේ පදිංචි ගමගේ බංදුල හරිස්චන්ද්‍ර සහ කෝන්තැටිආර සහ සූරියවැව ප්‍රදේශයේ පදිංචි රුවන් ප්‍රසන්න යන පුද්ගලයින් දෙදෙනාට එරෙහිව අධිචෝදනා සනාථ වීමෙන් පසුව අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.

