හොරොව්පතාන ජාතික උද්‍යානයේ කටයුතු භාර නිලධාරීන් අද(30) හොරොව්පොතාන ප්‍රෙද්ශයේදී සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත නීති විරෝධී ගිනි අවියක්, හක්ක පටස් දෙකක් හා කේබල් මදු සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
ලද තොරතුරකට අනුව හොරොව්පොතාන වනජීවි කාර්යාලයේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී හොරොව්පොතාන ආනඔලොන්දෑව වන රක්ෂීතයට අයත් බව කියන බැඳපුවැව ප්‍රෙද්ශයේ දී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. වන රක්ෂීතයට අයත් බව කියන ප්‍රෙද්ශයක පිහිටි කුඹුරු යායක දී එම ගිණී අවිය ඇතුළු දෑ සොයා ගත් බව වනජීවී නිලදාරීහු පවසති. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හක්ක පටස් හා කේබල් කම්බි වලින් සැකසූ මදු දෙකක් හා සඟවා තිබූ ගිණී අවිය ඇතුළු දෑ සොයා ගෙන තිබේ.
වන අලි තර්ජනය බහුල වශයෙන් ඇති ප්‍රෙද්ශයක් බවයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රෙද්ශය හඳුනාගෙන ඇති බවත්, හක්කපටස් හේතුවෙන් සිදුවන වන අලි මරණ මෙන්ම වන අලින්ට සිදුකරන වෙඩිතැබීම් ආදිය ද හොරොව්පොතාන ප්‍රෙද්ශයෙන් ඉකුත් සමයේ වරින් වර වාර්තා වී ඇති බවත් වනජීවී නිලධාරිහු පෙන්වා දෙති.
මෙරට නිෂ්පාදික නීති විරෝධී ගිණී අවිය හා හක්කපටස් මෙන්ම කේබල්වලින් සැකසූ මදු දෙකක් ද සමඟ මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් හොරොව්පොතාන පරංගියාවාඩිය ප්‍රෙද්ශයේ හා නොච්චියාගම දුනුදඹුවැව ප්‍රෙද්ශවල පදිංචිකරුවෝ බව වනජීවී නිලධාරීහු පවසති. අත්අඩංගුවටපත් එම සැකකරුවන් අවුරුදු 38, 30 හා 26 යන වයස් වල පසුවන්නෝ වෙති.
කැකිරාව කුෂාන් ජයවර්ධන

