“නාමල් සමග ගමින් ගමට” අද සිට ඇරඹේ

namal-rajapaksha-com

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “නාමල් සමග ගමින් ගමට” වැඩසටහන අද (02) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලින් ආගමික වතාවක් සිදුකර මෙම කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේ.

මෙම වැඩසටහනේදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි සැලසුම් මෙන්ම ආණ්ඩුව සිදුකරන මර්දනකාරී වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.