නව දුෂණ විරෝධී පනත අද සිට බලාත්මකයි

wijedasa-rajapakshe-389

නව දුෂණ විරෝධී පනත සහ අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ විධි විධාන අද (15) සිට බලාත්මක වනවා.

ඒ අනුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් පසුගිය 09 වනදා නිකුත් කර තිබුණා.

දුෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුලි මස 19 වනදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.