දේශීය ආදායම් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් අද සිට බලාත්මක වෙයි

mahinda-yapa-sing[1]

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (08) සිය සහතිකය සටහන් කර තිබෙනවා.
ඒ අනුව 2023 අංක 14 දරන දේශීය ආදායම් සංශෝධන පනත සහ 2023 අංක 15 සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත වශයෙන් මෙම පනත් දෙක අද සිට බලාත්මක වන බවයි සඳහන් වන්නේ.
මෙම පනත් කොටුම්පත් දෙක සම්බන්ධයෙන් විවාදය පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේදී පැවති අතර ඊයේ පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.