රැපියල් කෝටි 30කට ගජමුතු තොගයක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයකු වනජීවී නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී අද(17) අත්අඩංගුවට ගෙන තිබේ. දිවයිනේ මෙතෙක් එක්වර අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම ගජමුතු තොගය ද මෙය බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ මහතාට ගුවන් හමුදා බුද්ධී අංශයෙන් ලැබී තිබූ තොරතුරක් අනුව ඉකුත් පෙබරවාරි මාසයේ සිට අදාළ සැකකරු හදුනාගෙන ඔහු ඇසුරු කරමින් ඔහුගේ විශ්වාසය දිනාගනිමින් කටයුතු කර සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා වනජීවී නිලධාරීන් සංවිධානාත්මක මෙහෙයුම දියත් කර තිබිණ..
මහියංගය මාදුරු ඔය වනෝද්‍යානයට මායිම ඇති මහියංගනය ආදීවාසී ගම්මානයේදී මෙහෙයුම සිදුකර තිබිණ. ඒ අනුව , අද දිනයේ එම ගජමුතු තොගය මිලදී ගැනීම සදහා රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක ඩී රාමසිංහ මහතාගේ මූලිකත්වයෙන් වැටලීම සිදුකර තිබිණ.
ඒ අනුව මාළු ව්‍යාපාරිකයකු හා චීවරධාරියකු ලෙස වෙස් වලා ගනිමින් වනජීවී නිලධාරීහු මෙම ගජමුතු මිළ දී ගන්නා මෙහයුම සදහා එම ප්‍රෙද්ශයට ගොස් තිබිණ.
සැකකරු වෙස් වලාගත් වනජීවී නිලධාරීන්ට රැපියල් කෝටි 30කට මෙම ගජමුතු අලෙවි කිරීමට සැලසුම් කර ඇති අතර, අද දිනයේ සැකකරුට මුදල් පෙන්වා ගනුදෙනුව සිදුකිරීමට සූදානම්ව එවා අලෙවි කිරීමට කටයුතු කළ අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
ඒ අනුව අද(17) දිනයේ එම සැලසුම ක්‍රියාත්මක කරමින් මාළු ව්‍යාපාරිකයකු හා චීවරධාරියෙකු ලෙස වෙස් වලාගත් වනජීවී නිලධාරීහු පිරිසක් ගජමුතු මිළදී ගන්නා අයුරින් මහියංගනය ආදී වාසී ගම්මානය වෙත ගොස් අදාළ මෙහෙයුම සිදුකර එම සැකකරුගේ නිවසේදී අදාළ ගජමුතු තොගය සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ. මෙහිදී එම සැකකරු සන්තකයේ තිබී. දිවි හමක් ගෝරෝචන ඇත්දළ කොටස් මෙන්ම වටිනා කලුවර හා දඹ ඇතුලු ඉරෑ දැව කඳන් තොගයක් ද බඳින තුවක්කුවක් ද ඇතුළු සැකකරු සන්තකයේ තිබූ නීති විරෝධී තවත් දෑ වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුකළ වැට ලීමේදී සැකකරු සන්තකයේ තිබී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති ගජමුතු තොගය රැපියල් කෝටි තිහකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවත් සැකකරු සන්කයේ තිබී ගජමුතු 30ක් අත්අඩංගුවට ගත් බවත් වනජීවී නිලධාරීහු පවසති.
සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති සැකකරු මහවනාවෙල දෙහිඅත්තකණ්ඩිය ප්‍රෙද්ශයේ පදිංචි අවුරුදු 32ක පුද්ගලයෙකි.
සැකකරු මෙම ගජමුතු හා ඇත්දළ ඇතුළු සත්ව කොටස් මෙන්ම දැව තොගය මාදුරු ඔය ජාතික උද්‍යානයෙන් සපයා ගන්නට ඇති බවට වනජීවී නිලධාරීහු අනුමාන කරති.
ගුවන් හමුදා බුද්ධී අංශ නිලධාරීන්ගෙන් ළත් තොරතුරක් අනුව, වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාගේ හා අනුරාධපුර වනජීවී සහකාර අධ්යක්ෂ කීර්ති චන්ද්‍රරත්න හා සහකාර (මධ්‍යම) එච්.ජී.වික්‍රමතිලක යන නිලධාරීන්ගේ උපදෙස් අනුව රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ, අඩවි සහකාර ඒ.බී. විජේසිංහ, සම්පත් ගීත් රණවීර, එස් එම් අධීකාරි, ඇතුළු නිලධාරීන් පිරිසක් ද විල්පත්තු ජාතික උද්‍යානයේ කුකුල් කටුව බීට්ටුවේ අඩවි සහකාර උදය කරුණානායක, මහියංගනය වසත්ව අඩවි කාර්යාලයේ වනසත්ව නියාමක ඩබ්ලිව් සඳරැවන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාර්ථක මෙහෙයුම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති එම සැකකරු ඉදිරි නීතිමය කටයුතු සදහා ගිරාදුරුකෝට්ටේ අලිපාලන ඒකකය වෙතු භාර දීමට වැටලීම සිදුකළ වනජීවී නිලධාරීන් පියවර ගෙන ඇති අතර එම සැකකරු හා නඩු භාණ්ඩ හෙට(18) මහියංගනය මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරි පත් කිරීමට නියමිතව තිබේ.
කැකිරාව – කුෂාන් ජයවර්ධන

