දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ගැබිණි ගුරුවරියකට ලිංගික අතවරයක් කළැයි කියන
සිද්ධියකට සම්බන්ධ එම ගුරුවරිය සිදුකළ පැමිණිල්ලකට අනුව එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා 21 වෙනිදා දහවල් අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් නියෝජ්‍ය විදුහල්පතිවරයා 56 හැවිරිදි අයෙකු වන අතර අතවරයට ලක්වුනේ යැයි කියන ගුරුවරිය අවුරුදු 30 පමණ වයසති ගුරුවරියක් බවත්, ඇය මේ වන විට දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර තිබෙන බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජී. නෙත්තසූරිය මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
පසුගිය18 වෙනිදා විද්‍යාලයේදී මෙම සිද්ධිය සිදු වී ඇති අතර, සිද්ධිය සම්බන්ධව විද්‍යාලයේ ආරක්ෂිත කැමරා පරීක්ෂා අවට ලක්කරූ බවත්, ඒ පිළිබඳව අනෙකුත් පරීක්ෂණ කටයුතු කර සියලු වාර්තාවන් දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය කියයි.
මේ පිළිබඳව අදාළ ගුරුවරිය විසින් 18 වෙනිදා පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇති බවද සිරිපුර පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් නියෝජ්‍ය විදුහල්පතිවරයා 22 වෙනිදා දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජී. නෙත්තසුරිය මහතා වැඩිදුරටත් කීවේය.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජී නෙත්සූරිය මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ගැබිණි ගුරුවරියකට ලිංගික අතවරයක් කළැයි කියන සිද්ධියකට සම්බන්ධ එම ගුරුවරිය සිදුකළ පැමිණිල්ලකට අනුව එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා 21 වෙනිදා දහවල් අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය කියයි.
-
විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480ක් අත්අඩංගුවට…..
Read more >> -
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ…..
Read more >> -
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම අඛණ්ඩව….
Read more >> -
කොළඹ වරාය නගරයේ බලයලත් තැනැත්තන් පත් කිරීමේ ප්‍රමාදය ගැන CoPF අවධානය…..
Read more >> -
පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීමට අවධානය…..
Read more >> -
මීළඟ පාර්ලිමේන්තු සතියේ වැඩ වෙන හැටි……
Read more >> -
මත්ද්‍රව්‍ය පිරවූ බහුදින ධීවර යාත්‍රා 2ක් නාවික හමුදා භාරයට…..
Read more >> -
ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය විවෘත කෙරේ……
Read more >> -
කටාර් හිදී මියගිය ලාංකිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙත රු. මිලියන 197ක වන්දි…..
Read more >> -
ඉන්දුනීසියානු සහ ඕමාන යුද නෞකා කොළඹ වරායට…..
Read more >>

