ඩග්ලස් දේවානන්දාට ඇප….

News Iamges.00_00_00_03.Still1319

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ මහතා අද (09) ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් සීලනි පෙරේරා මහත්මිය හිටපු අමාත්‍යවරයාව ඇප මත මුදා හැරීමට නියෝග කළාය.

ඒ අනුව ලක්ෂ 20 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහසේත්‍රාත්වරිය එම ශරීර ඇප ළඟම ඥාතීන් විය යුතු බවත් විත්තිකරු තිදෙනාටම විදෙස් ගමන් තහනමක්ද පැනවූවාය.

එමෙන්ම නඩුව නැවත එළැඹෙන මාර්තු මස 27 වැනි දින නැවත කැඳවීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.