ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ජීවිත අවදානම් හා පවුල් ජීවිතය යන කිසිවක් නොතකා මහ රෑ පූඩලුඔය ගගට පැන ජීවිතයක් බේරා ගත් පොලිස් කොස්තාපල් .
මීගමුව මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටින දින 06ක නිවාඩුවට නිවස පැමිණි පොලිස් කොස්තාපල් රියදුරු ඕ.එම්.එම්.ජී. වික්රතිලක මලින්ද සිය බිරිඳගේ හා කුඩා දරුවාගේ අනාගතය මෙන්ම සිය ජීවිතය ගැනත් නොසිතා පවුල් ආරවුලක් හේතුවෙන් නිවස අසල තිබූ ගඟට පැන සිය දිවි නසාගන්නට උත්සාහ කළ සැඩ ජල පහරකට ගසා ගෙන ගිය වයස 20ක් වූ එක් දරු මවගේ ජීවිතය බේරා ගන්න මහ රෑ ගගට පැනලා එම කාන්තාවගෙ ජීවිතය බේරා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව සිය ප්රසාදය හා ගෞරවය පළ කරන බව පූඩලුඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර මහතා පවසයි ,
සිය බිරිඳ සිංගප්පූරුවේ හෙදියක ලෙස සේවය කරන අතර අවුරුදු 5ක් වූ සිය පුතු බැලීම සදහා සතියක නිවාඩුවක් ලබා පැමිණ සිටියදී පසුගිය (16) වන දින රාත්රි 09.00 ට පමණ නිවස ඉදිරිපිට ගගේ ගසායන කෙනෙකුගේ කටහඩ ඇසී ඇත ,
එම අවස්ථාවේ ක්ෂණිකව ක්රියාත්මක වූ පොලිස් කොස්තාපල් මලින්ද ජීවිතය බේරා ගැනීම ගැන පමණක් සිතා මහ රෑ ගඟට පැන ජීවිතයක් බේරා ගෙන ඇත්තේ තමන්ගේ බිරිඳගේ සහ දරුවාගේ අනාගතය ගැන නොසිතාය ,
කොස්තාපල්වරයාගේ සහයෙන් එලෙස ජීවිතය බේරා ගත් කාන්තාව කොත්මලේ රෝහලෙන් මහනුවර මහ රෝහල වෙත වැඩිදුර ප්රතිකාර සදයා යොමුකර සම්පූර්ණ සුවය ලබා (29) දින රෝහලෙන් නිවසට පැමිණ ඇති බවද පූඩලුඔය පොලිස් ස්ථානාධිපතිවරයා කීය ,
සිද්ධිය සම්බන්ධව පොලිස් කොස්තාපල් රියදුරු වික්රමතිල මලින්ද මහතාගෙන් අප කල විමසුමකට කියා සිටියේ
16 වෙනිදා රාත්රි 09.00 ට පමණ මාගේ නිවස ඉදිරිපස ගගේ ගලාගෙන යන කෙනෙකුගේ කටහඬ ඇසුණා , මම කලුවරේම ගගට පැනලා ගගේ ගසාගෙන ගිය ගැහැනු කෙනාව නතර කර ගත්තා , ඒ වෙලාවේ සිහිය තිබුනේ නෑ , මා ප්රථමාධාර ලබා තීමෙන් පසුව සිහිය ආවා .
විනාඩි 25ක් පමණ ගසාගෙන යෑමට නොදී ගඟ මැදම පූඩලුඔය පොලිසියේ නිලධාරින් පැමිණෙන තුරු අල්ලාගෙන හිටියා ,
පසුව පූර්ණ ඔය පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණීමෙන් පසුව එම නිලධාරීන්ගේ සහයෝගය සමඟින් ගසාගෙන ගිය කාන්තාව ගොඩට රැගෙන විත් 1990 ගිලන් රථයට භාර දීමට කටයුතු කළා ,
මට ඒ වෙලාවේ විදෙස් ගතව රැකියා කරන මාගේ බිරිඳගේ ජීවිතය වත් අවුරුදු පහක දරුවාගේ ජීවිතයක් ගැන හිතන්න වෙලාවක් තිබුනේ නෑ මට ඕන වුණේ දියේ ගසාගෙන ගියේ ජීවිතය බේරගන්න විතරයි ,
දැන් එම කාන්තාව සුවෙන් ඉන්නවා මට ඒ සතුට ඇති යනුවෙන් පොලිස් කොස්තාපල් රියදුරු පැවසීය .

