ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ජපාන සංචාරය අදින් අවසන් වේ.

News Iamges.00_00_00_00.Still719

ජපාන රජයේ ආරාධනයෙන් ජපානය ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සංවර්ධනය වෙළඳාම ආයෝජන ආර්ථික සහයෝගීතාවය හා කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන ලදී.

ප්‍රධාන සාකච්ඡා හා ගිවිසුම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරයේ අවසන් දිනට පෙර ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා මහතා සමග ටෝකියෝ නුවරදී දෙරට අතර දීපාර්ශික සාකච්ඡා පැවැත්වූ අතර එරට ආරක්ෂක හාමුදා ගෞරව සහිතව අගමැති කාර්යාලයේදී ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

එහිදී දෙරට අතර සංවර්ධන සහයෝගීතාවය පුළුල් කිරීමේ අරමුණින් සංකේතයක් ලෙස ගිවිසුම් ලේඛන අත්සන් කරන ලදී.

එම ගිවිසුම ශ්‍රී ලංකාවේ කිරිකර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් සහ නිල ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අරමුණ වෙයි.

ආර්ථික සහයෝගීතාව සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය

IMF සහාය ලබන ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් අගය කළ අතර ජපානයේ අඛණ්ඩ සහයෝගය එරට අගමැති විසින් යළි තහවුරු කළේය. ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපති ලෙස ජපානයේ කාර්යභාරය සහ ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළ පළමු ද්වි පාර්ශ්වික ණය හිමියා වීම පිළිබඳ ජපානයට ශ්‍රී ලංකා ජනාධිපති සිය කෘතඥතාවය පළ කළේය.

ප්‍රධාන ව්‍යාපෘති සහ ආධාර


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ: බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවන අදියර නැවත ආරම්භ කිරීමට එකඟතාව පළ විය.


රූපවාහිනී ඩිජිටල්කරණය සහ විදුලි සංදේශ ව්‍යාපෘතිය: මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය විය.


නාවික නිරීක්ෂණ ධාරිතාව: ජපාන ආධාර යටතේ රුපියල් බිලියනයකට අධික අරමුදල්වලින් නව මිනිසුන් රහිත යාත්‍රා 10ක් ලබා දීමෙන් නාවික නිරීක්ෂණ ධාරිතාව ශක්තිමත් කිරීමට එකඟ විය.

ආයෝජන සහ දූෂණ විරෝධී මුලපිරීම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ ආයෝජන පරිසරයේ දියුණුව පිළිබඳව අගමැති ඉෂිබා මහතාට දැනුම් දෙන ලදී. ජපාන සමාගම්වලට ලංකාවේ ආයෝජන අවස්ථා නිරීක්ෂණය කිරීමට ද ආරාධනා කළේය.

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ක්‍රියාකාරකම් සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව සහතික කරන ලදී.

කලාපීය සහයෝගීතාවය

ජාත්‍යන්තර සමුද්‍ර නීතියට හා ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වලට මුල් තැන දෙමින් ඉන්දු පැසිපික් දැක්ම යටතේ සහයෝගයෙන් කටයුතු කිරීමට දෙපාර්ශ්වයේ එකඟත්වය පළ කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ කලාපීය ආරක්ෂාවට වැදගත් පිටිවහලක් වනු ඇතැයි මෙම සංචාරය මගින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අනාගත සහයෝගීතාව සඳහා නව මාවත් විවෘත වනු ඇතැයි විශ්වාස කෙරේ.

කොලින් හරිශ්චන්ද්‍ර