චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් ඇති කිරීමට ​ඇමෙරිකාව උත්සාහ කරනවා – චීනය

PSX_20210330_083235

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡාවලදී චීනය කඩාකප්පල්කරුවෙකු ලෙස කටයුතු නොකරනු ඇතැයි කියා තමා සිතන බවට අමෙරිකානු තානාපති ජුලි චන්ග් විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් චීනය සිය විරෝධය පළ කර තිබෙනවා.

එහිදී ඔවුන් චෝදනා කර සිටින්නේ ශ්‍රී ලංකාව සඳහා වඩාත් සහනදායී විසඳුමක් මූල්‍ය අරමුදල වෙතින් ලබාදීම සඳහා කටයුතු නොකර, චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් නිර්මාණය කිරීමට අමෙරිකාව උත්සාහ කරමින් සිටින බවයි.

සැබෑ කඩාකප්පල්කරු කවුරුන් ද යන්න වටහා ගැනීමට චීන සහ ශ්‍රී ලංකා ජනතාව බුද්ධිමත් බවද මෙරට චීන තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.