කළුතර කළුතර දකුණ පොලිස් වසමේ දෙමහල් ගොඩනැගිල්ලක ඉදිකිරිම් කටයුතු සිදු කරමින් සිටි යොවුන්ගම ,ගල්ගොඩවත්ත, හල්කදවිල ,පයාගල ලිපිනයේ පදිංචිව සිටි වයස අවු 24 පමණ වන වැලිවිට මුදලිගේ විශ්ව ප්රබුද්ධ යන අය දෙවන මහලේ සිට ඔයිස්ට්ර ( තාවකාලික ලෙස ගොඩනැගිලි ද්‍රව්‍ය ඉහල ගැනිම සදහා යොදා ගන්නා ) යන්ත්‍රය කඩා වැටිම හේතුවෙන් රොහල් ගත කිරිමෙන් පසු මිය ගොස් ඇත.
මෙම තරුණයා කොන්ක්‍රීට් මික්ෂරය සහිත දෙමහල් ගොඩනැඟිල්ලේ එම මිච්රයෙන් සිමෙන්ති සහිත ඔබදාම ඉහ ඉහලට ගනිමින් සිටියදී එකවරම එම මික්සර යන්ත්‍රය සමඟ පහත මාලට කඩා වැටී ඇත ඉන්පසු බිමට වැටුණු තරුණයා එකවරම කොන්ක්‍රීට් මික්සරයේ ට යටවීමෙන් හිසට බරපතළ හානි සිදුවීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයේ සේවය කරන සේවකයින් විසින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර ඉන්පසුව ඔහු මියගොස් ඇත.
කළුතර – සම්පත් කුලරත්න

