ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ දින හතරක් සඳහා තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව, පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්රිත කොටු පවුරේ රසායනික සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙන් එම පැරණි කොටු දොරකඩ අද (28) සිට 31 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙන බවයි සඳහන් වන්නේ.
මෙම කාල සීමාව තුලදී ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

