ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ මෙරූන්ස් ඩියුඩ්ස් 2023 (Maroon Dudes 2003) ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් පාසලේ එදිනෙදා කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීම සදහා රුපියල් මිලියන 1.5 වටිනා නවීන පන්නයේ ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කිරීම පසුගියදා (30) සිදුවිය.
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ Maroon Dudes 2003 ආදි ශිෂ්‍ය කණ්ඩායම මගින් පැවැත්වූ මෙරූන්ස් ගෝල් ඔන් ෆයර් (Maroons Galle On Fire) ප්‍රසංගයේ අරමුදලින් මෙම නවීන පන්නයේ ත්‍රිරෝද රථය විදුහල්පති ප්‍රසන්න සෙනෙවිරත්න මහතාට භාරදෙන ලදී.
ලබාදීම සිදුවූ අතර පාසල් කාලය තුළදී දරුවෙකු හදිසි අනතුරකට හෝ රෝගී තත්ත්වයකට ලක් වූ විට රෝහලකට රැගෙන යාමට හෝ නිවසට රැගෙන යාමට පහසුකම් සැලසීම, එදිනෙදා පාසලේ අවශ්‍ය ලිපි ද්‍රව්‍ය හා අනධ්‍යන කටයුතු අඩු වියදමකින් පහසු කිරීමට, පාසලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අවස්ථාවන්හිදී ආසන්න පාසල් වෙත පහසුවෙන් යාම සහ ඒම මෙමගින් බලාපොරොත්තු වෙයි.
මෙම පරිත්‍යාගය මඟින් දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය සහ පාසලේ සංවිධාන කටයුතු වඩාත් සාර්ථකව හා ක්‍රියාත්මකව සිදු කිරීමට විශේෂ දායකත්වයක් සැලසෙනු ඇති බවත් පාසලට මෙවැනි වටිනා සහයක් සැපයීමට හැකිවීම කණ්ඩායමක් ලෙස අතිශය සතුටට පත්වන බවත් ඉදිරියටත් මෙවැනි දැවැන්ත කටයුතු සඳහා අනෙකුත් කණ්ඩායම්වලට මග පෙන්විමේ ප්‍රමුඛයන් ලෙස ඉදිරියටත් කටයුතු කරන බවත් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ මෙරූන්ස් ඩියුඩ්ස් 2023 (Maroon Dudes 2003) ආදි ශිෂ්‍ය කණ්ඩායම සදහන් කරයි.
හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

