ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ඇතුළට විසි කිරීමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ගාල්ල කන්දේවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්රෑස් 2යි මිලිග්‍රෑම් 590ක් සොයාගෙන ඇත.
ඊට අමතරව දුම්කොල ග්‍රෑම් 110ක්, දුම්කොල නැටි ග්‍රෑම් 540ක්, ජංගම දුරකථන 4ක් සහ ජංගම දුරකතන චාජර් 23ක් සොයාගත් බව සදහන්ය.
අදාළ ද්‍රව්‍ය ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුළට විසි කිරීම සඳහා සූදානම් කර තිබූ බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි වියේ පසුවන ගාල්ල කන්දේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

