ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද 31.07.2025 දින ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතගේ සභාපතිත්වයෙන් යුතුව කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී රැස්වුනා. එහිදී 2025 වර්ෂයට අදාලව කැලණිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, කැලණිය ප්‍රාදේශීය සභාව, පෑලියගොඩ නගර සභාව මගින් රුපියල් මිලියන 230ක වියදමින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති 102ක් පිළිබන්දව ප්‍රගතිය සාකච්ඡා කළා.
එමෙන්ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටළු සහ ඒ සඳහා විසඳුම් සොයා බලා අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් ලබාදෙන ලදි. ප්‍රදේශයයේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම හා පොදු ගැටළු සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන්නට විය. මත් ද්‍රව්‍ය උවදුර මැඩලීම, ගංවතුර පාලනය, කිරිබත්ගොඩ නගරයේ අධික වාහන තදබදය වැනි කරුණු පිළිබන්දව ද අවධානය යොමු කරන්නට විය.
කැලණිය ප්‍රාදේශීය ලේකම්තුමිය, කැලණිය, කිරිබත්ගොඩ, පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරු, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, පෑලියගොඩ නගර සභාවේ සභාපතිතුමන්, ප්‍රාදේශීය මහජන නියෝජිතයන්, සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා නිළධාරී මහත්ම මහත්මීන් මෙම අවස්තාවට එක්වසිටියා.
කැලණියට මිලියන 230ක සංවර්ධන වැඩසටහන්….
-
මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ….
Read more >> -
රුපියල් මිලියන 34කට අධික කුෂ් සමගින් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට….
Read more >> -
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025 වර්ෂයේදී….
Read more >> -
2026 පාසල් කාලසටහන සංශෝධනය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්….
Read more >> -
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්….
Read more >> -
පොල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය පනී
Read more >> -
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඊශ්‍රායලයේ තවත් රැකියා අවස්ථා…
Read more >> -
චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ශ්‍රී ලංකාවට යුවාන් මිලියනයක්….
Read more >> -
ව්‍යවස්ථාදායක සභාව සීමාව ඉක්මවා ගිහින් – ඇමති නලින්ද….
Read more >> -
එජාප සහ සජබ අතර සාකච්ඡාවක්…..
Read more >>

