ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්….

News Iamges.00_00_00_03.Still1242

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා අද (02දා) නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කළේය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතින් ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබා ගනු ලැබීය.

පත්වීම් ලබා ගැනීමෙන් අනතුරුව, ඒ මහතා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සිය ප්‍රථම නිල හමුව අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි ඩන්කන් වයිට් ශාලාවේදී පවත්වන ලදී.

එහිදී මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ඒ මහතා නිලධාරීන් දැනුවත් කළේය.