ආර්ථික බංකොලොත්භාවය සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද (15) කැඳවා තිබෙනවා.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධනද අද දිනයේ කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළේ.
ආර්ථිකය බංකොලොත්වීමට හේතුවූ කාරණා සම්බන්ධයෙන් ඔවුන්ගෙන් සාක්ෂි ලබාගැනීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

