ශ්‍රී ලංකා පොලිසියට උපසේවා සහකාර පොලිස් අධිකාරි තනතුරට (නීති නිලධාරීන්) නීතිඥවරුන් බඳවාගැනීමේ කාලය ලබන මස 20 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ.
එම කාලය දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය මාර්තු 27 වෙනිදා නිකුත් කළ බව පොලීසිය නිවේදනය කරයි.
පසුගිය පෙබරවාරි මස 20 වෙනිදා නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව උපසේවා සහකාර පොලිස් අධිකාරි තනතුරට (නීති නිලධාරින්) නීතිඥවරුන් 100ක් බඳවා ගැනීමට නියමිතය.
මේ සඳහා අයදුම්පත් අධ්‍යක්ෂ, පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය, අංක 375, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත, කොළඹ 06 ලිපිනයට යොමු කළ යුතුය.
අයදුම්පත් යොමු කිරීමේදී යම් ගැටලුවක් වෙතොත් අයදුම්කරුවන් හට පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසයේ 071 – 859 19 25, 011 – 250 52 02 සහ 011 255 29 53 යන දුරකථන අංක මගින් වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාව පවතියි.

