උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු අරඹයි….

News Iamges.00_00_00_03.Still1325

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද (11) ආරම්භ කෙරුණි.

ඒ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය  බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) ආරම්භ කෙරුණි.

ඉන්දියාවෙන් මෙරටට ප්‍රදානය කළ අමෙරිකානු ඩොලර් මිලියන 450ක මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 5ක් මේ සඳහා යොදවා ඇති බව සඳහන් වේ.

මෙම ප්‍රතිසංස්කරණ ඉන්දීය රජයට අයත් දුම්රිය මාර්ග ඉදිකිරීම් සමාගමක් විසින් සිදුකිරීමට නියමිතයි.

මෙහිදී උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වාත් ඕමන්ත සිට යාපනය දක්වාත් සහ මැදවච්චිය සිට මන්නාරම දක්වා කොටස් තුනක් යටතේ අදාළ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට නියමිතව පවතී.